| |
නිදහස ලබා සහ වසරකට පසුව 1955 වසරේ දෙසැම්බර් මාසයේ දී එ.ජා. සංවිධානයේ සාමාජිකත්වයට ඉල්ලූම් කොට එය ලබාගැනීමෙන් පසුව ශී‍්‍ර ලංකාව මේ දක්වා සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙසට අන්තර් ජාතිකව කටයුතු කොට තිබේ. මෙම සබඳතාව තුලින් ශී‍්‍ර ලංකාව එ.ජා. සංවිධානයේ තම සාමාජිකත්වයෙන් සෙත සලසා ගන්නා අතර, එරට ජාත්‍යන්තර සහයෝගිතාවේ නියමයන් හා ප්රමිතීන් වෙනුවෙන් තම දායකත්වය සපයයි.
මේ දක්වා ශී‍්‍ර ලංකාව පහත සඳහන් එ.ජා. ආයතනයන්හි නියෝජනය වී තිබේ. |
|
|
| |
|
|
| |
 |
මහා මණ්ඩලය |
|
ශී‍්‍ර ලංකාව මේ තාක් පැවැත්වූ සියළුම මහා මණ්ඩල සැසිවාරයන්ට සහභාගී වූ අතර, 1976 වසරේ පැවති මහා මණ්ඩල සැසිවාරයේ මුලසුන හෙබවීය. 1978 වසරේ දී නිරායුධකරණ සැසිවාරය යෝජනා කිරීමත් ශී‍්‍ර ලංකාව වෙතින් සිදු විය.
මහා මණ්ඩලය යනු විවාදයන් සඳහා එ.ජා. සංවිධානයේ පවතින ප්‍රධානතම වේදිකාව ලෙසට සැලකිය හැක. සංවිධානයේ සියළුව සාමාජිකයින් නියෝජනය කෙරෙන එකම ආයතනය මෙයයි. එක් සාමාජිකයෙකුට එක් ඡන්දය බැගින් හිමි අතර, එ.ජා. ප්රඥප්තියේ සඳහන් ජාත්‍යන්තර ආරක්ෂාව, එ.ජා. සංවිධානයේ අයවැය ඇතුළු ඕනෑම කරුණක් සම්බන්ධයෙන් සාමාජිකයින් අතර සාකච්ඡා කල හැක. එසේ සාකච්ඡා කොට එළැඹෙන තීරණයන් මහා මණ්ඩලයට තම නිර්දේශයන් ලෙසින් ඉදිරිපත් කල හැක. නමුත්, සාමාජිකයින් ඒවා ක්රියාවේ යෙදවිය යුතු යැයි බල කිරීමට මහා මණ්ඩලයට නොහැක. සෑම වසරකම සැප්තැම්බර් මාසයේ මැද භාගයේ සිට මාස තුනක කාලයක් දක්වා වාර්ෂික සැසිවාරයන් මෙන්ම විශේෂ හා හදිසි සැසිවාර සඳහා ද මහා මණ්ඩලය රැස් වේ. එහි වාර්ෂික සැසිය ඇරඹෙන්නේ එක් එක් රට විසින් ලෝක තත්ත්වය සම්බන්ධයෙන් වන තම අදහස් ඇතුලත් ප්රකාශනයක් ඉදිරිපත් කරන විවාදයක් සමඟිනි.
|
|
|
|
|
|
|
| |
 |
ආරක්ෂක මණ්ඩලය |
|
ශී‍්‍ර ලංකාව මෙහි ස්ථීර නොවන සාමාජිකයෙකු ලෙසට 1960 සිට සිව් වසරක කාලයක් කටයුතු කෙළේය. ආරක්ෂක මණ්ඩලයේ කාර්යභාරය වනුයේ, ලෝක සාමය හා ආරක්ෂාව සහතික කිරීමයි. එය චීනය, ප්‍රංශය, රුසියාව, එක්සත් රාජධානිය සහ ඇමෙරිකා එක්සත් ජනපදය යන ස්ථීර සාමාජිකයින් පස් දෙනෙකුගෙන් සමන්විත වේ. එමෙන්ම, කිසියම් කාල සීමාවක් සඳහා තාවකාලිකව පත් කෙරෙන සාමාජිකයින් 10 දෙනෙකු ද ඊට ඇතුලත් වේ. ආර්ථික සම්බාධක පැනවීම හා අර්බුද අවස්ථාවන්හිදී බලය යෙදවීමට අනුමැතිය ලබා දීමේ හැකියාව ආරක්ෂක මණ්ඩලයට තිබේ. සාමසාධක කටයුතු අධීක්ෂණය ද එමඟින් සිදු වේ.
|
|
|
|
|
|
|
| |
 |
මහ ලේකම් කාර්යාලය |
|
මහ ලේකම්වරයා තෝරා ගැනීම සඳහා අවසන් වරට පැවති ඡන්ද විමසීමට ජයන්ත ධනපාල මහතා ද ඉදිරිපත් විය.
ශ්‍රී ලාංකිකයින් සෑහෙන පිරිසක් මහ ලේකම් කාර්යාලයේ සේවය කොට තිබේ.
එ.ජා. සංවිධානයේ එදිනෙදා කටයුතු ඇතුළුව, වැඩසටහන් හා ප්රතිපත්තීන් ක්රියාවේ යෙදවීම මහ ලේකම් කාර්යාලය මඟින් සිදු වේ. රටවල් 170 ක් නියෝජනය වන 7,500 කින් පමණ සමන්විත වන කාර්ය මණ්ඩලයකින් එය සමන්විත වේ.
|
|
|
|
|
|
| |
 |
ආර්ථික හා සමාජයීය මණ්ඩලය |
|
මෙය එ.ජා. සංවිධානයේ ආර්ථික, සමාජයීය, මානුෂීය හා සංස්කෘතික කටයුතු සඳහා දායකත්වය ලබා දේ. මානව හිමිකම්, සමාජ සංවර්ධනය, තාක්ෂණය, මත්ද්‍රව්‍ය වැනි කරුණු සම්බන්ධයෙන් කටයුතු කරන කොමිෂන් සභාවන්හි කටයුතු අධීක්ෂණය ද එමඟින් සිදු කෙරේ. 57 දෙනෙකුගෙන් සමන්විත මෙහි සාමාජිකයින් තෝරා පත්කර ගනු ලබන්නේ මහා මණ්ඩලය මඟිනි.
|
|
|
|
|
|
| |
 |
සාම සාධනය |
|
එ.ජා. සංවිධානය මඟින් සිදු කෙරෙන සාම සාධනය සඳහා තම හමුදා සාමාජිකයින්ගේ දායකත්වය ලබා දෙන රටවල් අතර ශී‍්‍ර ලංකාව 16 වැනි ස්ථානයේ සිටී. ශී‍්‍ර ලාංකික හමුදා භටයින් 1,000 ක් පමණ දෙනා හෙයිටි, අයිවරි කෝස්ට්, සුඩානය, බටහිර සහරාව, මොසැම්බික්, තිමෝරය හා ලයිබීරියාව යන රටවල සාම සාධනය සඳහා යොදවා තිබේ.
අර්බුදයන් මඟින් වඩාත්ම පීඩා විඳින රටවලට ස්ථීර සාමය ලඟා කර දීම සඳහා කටයුතු සම්පාදනය කිරීමෙහි ලා එ.ජා. සාම සාධක හමුදාවන්ගෙන් අද්විතීය හා ක්‍රියාශීලී මෙහෙවරක් ඉටු වේ. සාම සාධක මෙහෙයුම් පත් කිරීම හා ඒවායේ විෂය පථයන් හා බල සීමාවන් නිර්නය කිරීම ආරක්ෂක මණ්ඩලය සතුව පවතී.
මුල්ම සාම සාධක භට කණ්ඩායම 1948 දී පිහිටුවනු ලැබූ අතර, මේ දක්වා එවැනි සාම සාධක මෙහෙයුම් 63 ක් එ.ජා. සංවිධානය ලොව වටා සිදු කොට තිබේ.
|
|
|
|
|
|
| |
 |
ගිවිසුම් |
|
වැදගත් යැයි සැලැකෙන එ.ජා. ගිවිසුම් සියල්ලටම පාහේ ශී‍්‍ර ලංකාව අත්සන් තබා තිබේ (එසේ අත්සන් තැබූ ගිවිසුම් පහත දැක්වේ).
- සියළුම ආකාරයේ වාර්ගික වෙනස්කම් මුලිනුපුටා දැමීම සඳහා වන ජාත්‍යන්තර ගිවිසුම (1982 මාර්තු 29 වැනිදා සිට බලාත්මකයි)
- සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර ගිවිසුම (1980 සැප්තැම්බර් 11 දා සිට බලාත්මකයි)
- සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර ගිවිසුමේ වෛකලඣිපිත උපලෙඣිඛනය (1998 ජනවාරි 03 වැනිදා සිට බලාත්මකයි)
- ආර්ථික, සමාජයීය හා සංස්කෘතික අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර ගිවිසුම (1980 සැප්තැම්බර් 11 දා සිට බලාත්මකයි)
- කාන්තාවන්ට එරෙහිව සිදු වන සියළුම ආකාරයේ වෙනස්කම් මුලිනුපුටා දැමීම සඳහා වන ගිවිසුම (1981 නොවැම්බර් 04 වැනිදා සිට බලාත්මකයි)
- කාන්තාවන්ට එරෙහිව සිදු වන වෙනස්කම් මුලිනුපුටා දැමීම සඳහා වන ගිවිසුමේ වෛකලඣිපිත උපලෙඣිඛනය (2003 ජනවාරි 15 වැනිදා සිට බලාත්මකයි)
- වධහිංසා සහ අනෙකුත් කෲර, අමානුෂික හෝ පහත් ලෙස සැලකීම හා දඬුවම් වලට එරෙහි ගිවිසුම (1994 පෙබරවාරි 02 වැනිදා සිට බලාත්මකයි)
- ළමුන්ගේ අයිතීන් පිළිබඳ ගිවිසුම (1991 අගෝස්තු 11 වැනිදා සිට බලාත්මකයි)
- සන්නද්ධ අරගලයන්හිදී ළමුන් සම්බන්ධ කර ගැනීම පිළිබඳව තත්ත්වයන්හිදී ඔවුන්ගේ අයිතීන් පිළිබඳ ගිවිසුමේ වෛකලඣිපිත උපලෙඣිඛනය (2002 පෙබරවාරි 12 වැනිදා සිට බලාත්මකයි)
- ළමුන් විකිණීම, ගණිකා වෘත්තියේ යෙදවීම හා අසභ්‍ය චිත්‍රපට සඳහා යොදා ගැනීමේදී ඔවුන්ගේ අයිතීන් පිළිබඳ ගිවිසුමේ වෛකලඣිපිත උපලෙඣිඛනය (2006 ඔක්තෝබර් 22 වැනිදා සිට බලාත්මකයි)
- සංක්‍රමණික ශ්‍රමිකයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා වන ජාත්‍යන්තර ගිවිසුම (2003 ජූලි 01 වැනිදා සිට බලාත්මකයි)
- විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් පිළිබඳ ගිවිසුම (2007 මාර්තු 30 වැනිදා අත්සන් තැබිනි)
|
|
|
|
|
|
| |
 |
සම්මුතීන් |
|
ශ්‍රී ලංකාව විසින් යෝජනා කොට සම්මත කර ගන්නා ලද සම්මුතීන් වනුයේ, 1971 දී ඇති කරගත් ඉන්දීය සාගර සාම කලාප සම්මුතිය, 1987 අවතැන්වූවන්ට වාසස්ථාන සැපයීම සඳහා වන වසර ලෙසට නම් කිරීමේ යෝජනාව සහ 1999 සිට වෙසක් දිනය එක්සත් ජාතීන්ගේ නිවාඩු දිනයක් ලෙසට පිළිගැනීමයි.
එ.ජා. සම්මුතියක් යනු එ.ජා. සංවිධානයට අයත් ආයතනයක් විසින් චාරිත්‍රයක් ලෙසට පිළිගනු ලබන ලියැවිල්ලකි. එවැනි ලියැවිල්ලක් නිකුත් කිරීමට ඕනෑම එ.ජා. ආයතනයකට හැකියාවක් තිබුනද, සම්මතයක් වශයෙන් බොහෝ විට එම කාර්යය ඉටු කරනු ලබන්නේ ආරක්ෂක මණ්ඩලය හෝ මහා මණ්ඩලය මඟිනි. එවැනි මහා මණ්ඩල සම්මුතියක් ඉදිරිපත් වූ පසු එ.ජා. සංවිධානයේ සියළුම රටවල සහභාගීත්වයෙන් සිදු කරනු ලබන ඡන්ද විමසීමකට එය යොමු කෙරේ. සාමාන්‍යයෙන් එවැනි සම්මුතියක් අවම බහුතරයක අනුමැතිය මත සම්මත කර ගනු ලැබේ. වැදගත් අවස්ථාවන්හිදී පමණක් තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍ය වේ.
|
|
|
| |
|
|
| |
 |
මහ ලේකම්වරයා |
|
මහ ලේකම්වරයා යනු එ.ජා. සංවිධානයේ ප්‍රමුඛතම ආයතනයක් වන මහ ලේකම් කාර්යාලයේ ප්රධානියායි. එමෙන්ම සංවිධානයේ ප්‍රකාශකයා හා ප්‍රධානියා ලෙසට ද ඔහු/ඇය කටයුතු කරයි. වත්මන් මහ ලේකම්වරයා වනුයේ, 2007 වසරේ ජනවාරි 01 වැනිදා ධූරයේ වැඩ භාරගත් බැන් කි-මූන් මහතායි. ඔහු දකුණු කොරියාවේ හිටපු විදේශ ඇමතිවරයෙකි. ඔහුගේ මුල් සේවා කාලය 2011 දෙසැම්බර් 31 වැනිදා අවසන් වනු ඇත. ඉන් පසුව, නැවත ධූරයට පත් වීම සඳහා ඔහු සුදුස්සකු වනු ඇත. තම කාර්ය භාරය සම්බන්ධයෙන් අදහස් පළ කරන ඒ මහතා පවසනුයේ, තමන් ‘පාළම් තනන්නකු’ ලෙසට කටයුතු කොට, කි‍්‍රයාශීලී හා ධෛර්යසම්පන්න එ.ජා. සංවිධානයක් ඇති කිරීමට අරමුණු කොට සිටින බවයි. මැදපෙරදිග, සුඩානය හා උතුරු කොරියාවේ පවතින අර්බුදයන් නිරාකරණය කිරීම තම මූලික පරමාර්ථ ලෙසට ඔහු හඳුනාගෙන තිබේ. වසර 35 කට පසුව ආසියානු කලාපයෙන් පත් වූ මුල්ම එ.ජා. මහ ලේකම්වරයා ඔහු වේ.
|
|
|
| |
|
|
 |
ආයතන/වැඩ සටහන් |
|
සැලකිය යුතු ශී‍්‍ර ලාංකිකයෝ පිරිසක් එ.ජා. ආයතනයන්හි හා පාලන මණ්ඩලයන්හි සේවය කරති.
|
|
| |
 |
අනෙකුත් ආයතන |
|
ශී‍්‍ර ලංකාව ආර්ථික හා සමාජයීය මණ්ඩලයේ සාමාජිකත්වය හොබවයි.
සෞඛ්‍ය හා පෝෂණ කටයුතු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක කමිටුවේ සභාපතිත්වය දරයි.
|
|
| |
|
|
 |
එ.ජා. සංවිධානයේ අද්විතීය ශී‍්‍ර ලාංකිකයෝ |
|
ගාමිණී කොරෙයා මහතා එ.ජා. වෙළෙඳ හා සංවර්ධන සමුළුවේ මහ ලේකම්වරයා වශයෙන් කටයුතු කෙලේය.
ජයන්ත ධනපාල මහතා එ.ජා. නිරායුධකරණ පර්යේෂණ ආයතනයේ සහ නිරායුධකරණ කටයුතු පිළිබඳ ඉහලම තනතුරු දැරීය
සී. වීරමන්ත්‍රි මහතා ජාත්‍යන්තර අධිකරණයේ හිටපු නියෝජ්‍ය සභාපතිවරයෙකි
රධිකා කුමාරස්වාමි මහත්මිය ළමුන් හා ගැටුම් පිළිබඳ විශේෂ මහ ලේකම්වරිය වශයෙන් කටයුතු කරන්නීය.
පාලිත කොහොන මහතා එ.ජා. සංවිධානයේ ගිවිසුම් අංශයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කලේය.
|
|
| |
| |
| |
| |