1952 වසරේ දී ශී‍්‍ර ලංකාව තුල එ. ජා. සංවිධානයේ කටයුතු ඇරඹීම මඟින් එ.ජා. සංවර්ධන වැඩපිළිවෙලක් සතු ලෝකයේ මුල්ම රටවල් ගොන්න අතරට ශී‍්‍ර ලංකාව ඇතුලත් විය. ඉන් තෙවසරකට පසුව 1955 වසරේ දෙසැම්බර් 17 වැනිදා ශී‍්‍ර ලංකාව එ.ජා. සංවිධානයේ සාමාජිකයෙකු ලෙසට පත් විය.
එ.ජා. සංවිධානය ශී‍්‍ර ලංකාවේ කටයුතු කරනුයේ ආණ්ඩුව සමඟ ඇති කරගත් ගිවිසුමකට අනුකූලවය. අවබෝධතා ගිවිසුමකට අනුව යමින් මුදල් ප‍්‍රතිපාදන ලබාදීම ඇතුළුව සංවිධානයේ කටයුතු සියල්ල සිදු වනුයේ ආණ්ඩුවේ රේඛීය අමාත්‍යංශයන්හි අධීක්‍ෂණය යටතේය.පසුගිය වසර 50 කට අධික කාලය තුල දී එ.ජා. සංවිධානය මෙරට ඉටුකල මෙහෙවරෙහි ප‍්‍රතිඵලයක් ලෙස ශී‍්‍ර ලාංකික ජනයාගේ ජීවිතයන්හි පැහැදිලි වෙනසක් සිදුව තිබේ. ආණ්ඩුව, සිවිල් සමාජය, රාජ්‍ය නොවන සංවිධාන, ද්විපාර්ශ්වීය ආධාර දෙන්නන් හා ජාත්‍යන්තර මූල්‍ය ආයතනයන් සමඟ ඇති කරගත් පුළුල් පරාසයක් තුල පැතිර යන හවුල්කාරත්වයක් තුලින් දීර්ඝකාලීන සංවර්ධන කටයුතු හා හදිසි අවස්ථාවන්හිදී ඇතිවන අභියෝගයන් රාශියකට සාර්ථකව මුහුණ දීමට ශී‍්‍ර ලංකාවට හැකිව තිබේ. |