Register for Email Alerts
About Us Our Work The UN Family Resource Centre Press Centre Oppotunities Contact Us
English | Tamil
 
 
UN Programme In Sri Lanka
Development Cooperation
Peace
Humanitarian Asistance
Millennium Development
Goals (MDGs)
 
  Related Publications
 
 
 
  අප කටයුතු
 
  Mitigating tragedy, building self sufficiency
මානුෂීය ආධාර  

අර්බුදයකදී සහාය දැක්වීම

Download Sinhala Unicode   
 

ශී‍්‍ර ලංකා හමුදාව සහ දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය අතර උතුරු හා නැගෙනහිර ප‍්‍රදේශයන්හි දශක දෙකකට වඩා වැඩි කාලයක් තිස්සේ පවතින යුදමය තත්ත්වය නිසා දසදහස් ගණන් ජීවිත විනාශ වී තිබේ. එමෙන්ම, එමඟින් වරින් වර විශාල ලෙස සාමාන්‍ය ජනයා අවතැන් වීම ද සිදුව තිබේ.

ඉදිරි මඟ
එ.ජා. සංවර්ධන උපකාරක රාමුවෙහි මූලික අරමුණ වනුයේ සංවර්ධන ගැටළු විසඳාලීම වුවත්, පවතින අර්බුදය හේතුවෙන් ශක්තිමත් මානුෂීය හා යථා තත්ත්වයට පත් කරලීමේ හැකියාවක අවශ්‍යතාව ද දැඩි ලෙස පැන නැඟී තිබේ. මේ කටයුත්ත සපුරාලීමට එ.ජා. කාර්යාලය පොදු මානුෂීය ක‍්‍රියාකාරී සැලැස්ම නමැති ලියැවිල්ලක් වාර්ෂිකව නිකුත් කරනු ලැබේ.

මෙම ලියැවිල්ල පාදක කොට ගනිමින්, 2006 හා 2007 යන වසර වලදී අවතැන්වූවන් හා අර්බුදයට නිරාවරණය වූ පුද්ගලයින් 400,000 කට පමණ උපකාර ලබා දීමට හැකි විය. ඒ සඳහා පරිත්‍යාගශීලින්ගේ නොමසුරු දායකත්වය සහ ආණ්ඩුව මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන හා අනෙකුත් සහකරුවන් ලබාදුන් සහාය අතිමහත්ය. 2008 වසර සඳහා වන පොදු මානුෂීය ක‍්‍රියාකාරී සැලැස්ම මඟින් ඇ.ඩො. මිලියන 145 ක ආධාර අපේක්‍ෂා කරනුයේ මෙම කටයුත්ත තවදුරටත් සිදු කිරීම සඳහාය.

මානුෂීය ආධාර සැපයීමේදී එ.ජා. ආයතනයන්ට ක්‍ෂේත‍්‍රයේදී විශාල ගැටළු හා ආරක්‍ෂක බාධකයන් ජයගැනීමට සිදුව තිබේ. මේ සම්බන්ධයෙන් මෑතකදී සිට සැලකිය යුතු ප‍්‍රගතියක් ලබා ගැනීමට හැකි වී ඇත්තේ, අන්තර්-ආයතන ස්ථාවර කමිටුවක් විසින් ලබාදෙන වඩාත් සම්බන්ධීකරණය වූ හදිසි අවස්ථා ප‍්‍රතිචාර ක‍්‍රමවේදයක් හේතුවෙනි. මෙම කමිටුව මානුෂීය ආධාර සපයන සියළුම සහකරුවන්ගේ සාමාජිකත්වයෙන් යුක්ත වන අතර, එහි ප‍්‍රධානත්වය දරනුයේ එ.ජා. මානුෂීය කටයුතු සම්බන්ධීකරණය කිරීමේ කාර්යාලයයි. අනෙකුත් සාමාජිකයන් වනුයේ, එ.ජා. ආයතනයන් මෙන්ම ප‍්‍රධාන රාජ්‍ය නොවන හා අන්තර්-රාජ්‍ය මානුෂීය සංවිධානයි.

ස්වාභාවික හා මිනිස් ක‍්‍රියාකාරකම් නිසා ඇති වී තිබෙන ව්‍යසනයන්ගෙන් පීඩාවට පත්ව සිටින ශී‍්‍ර ලංකාවේ දහස් ගණන් පුද්ගලයින්ට ආධාර වශයෙන් මුදල් එක්රැස් කිරීමට එ.ජා. මානුෂීය කටයුතු සම්බන්ධීකරණය කිරීමේ කාර්යාලය මූලික වී ක‍්‍රියා කරයි. එමෙන්ම, මානුෂීය ආධාර ලබාදෙන ප‍්‍රජාවට ප‍්‍රතිපත්ති පිළිබඳ සහාය ලබාදෙමින්, පීඩාවට පත්වූවන්ට හඬක් ලබාදෙමින් හා ආධාර දෙන්නන්ගේ අදහස් හා ගැටළු අදාල අංශ වෙතට සන්නිවේදනය කිරීම ද මෙම කාර්යාලය මඟින් සිදුකෙරේ.

 
Humanitarian Portal – Sri Lanka
ochaonline.un.org
 
   Read More..    
 
   
   
 
 
FAO FAO HABITAT ILO ILO IOM UNAIDS UNDP UNESCO UNFPA UNHCR UNICEF UNICEF UNOCHA WB WB WHO
 
  © United Nations Country Team in Sri Lanka, All rights reserved | Copyright and Terms of Use | Information Disclosure Policy | Disclaimer