| |
|
|
|
| |
යුද්ධය, ස්වාභාවික උපද්‍රවයන් හා දේශපාලන අර්බුදයන් හේතුවෙන් ශී‍්‍ර ලංකාවේ සිවිල් සමාජය ඉමහත් පීඩාවට පත්ව සිටී. ඔවුන් හට වාසස්ථාන අහිමි වී තිබෙන අතර, තම ඥාතීන්ගෙන් වෙන්ව යාමටත්, උපකාර ලැබීම සඳහා නිසි පහසුකම් නොමැති තත්ත්වයක් යටතේ, අවශ්‍ය සම්පත් හා ආධාර ලැබීමටත් ඔවුන් අසමත්ව සිටී. කිසියම් ව්‍යසනයකින් පසුව, එ.ජා. කාර්යාලය ඔවුනට ආධාර, වාසස්ථාන, ඖෂධ සහ අනෙකුත් සහාය ලබා දේ. මෙසේ පීඩාවට පත්ව සිටින්නන්ගෙන් බහුතරය කුඩා ළමුන් හා කාන්තාවන් වේ. එ.ජා. සංවිධානයේ මූලික ඉලක්කය වනුයේ, තර්ජනයට මුහුණ පා සිටින සහ අවතැන් වූ පුද්ගලයින්ට හදිසි හා තාවකාලික ආධාර ලබා දී, ඔවුන්ට තම ජීවිත යලි ඇරඹීමට හැකි තත්ත්වයක් උදා කර ලීමයි. |
|
|
| |
|
|
|
| |
|
|
|