Register for Email Alerts
About Us Our Work The UN Family Resource Centre Press Centre Oppotunities Contact Us
English | Tamil
 
 
UN Programme In Sri Lanka
Development Cooperation
Peace
Human Rights
Humanitarian Asistance
Millennium Development
Goals (MDGs)
 
  Related Publications
 
  Complete HDR - 2007-2008
 
  MDG Sri Lanka - 2005
 
  අප කටයුතු
 
  UN Works for a Better World
සහඝ‍්‍ර සංවර්ධන ඉලක්කයන් ශී‍්‍ර ලංකාව සඳහා වන සහඝ‍්‍ර සංවර්ධන ඉලක්කයන්
 
තම සහඝ‍්‍ර සංවර්ධන ඉලක්කයන් සපුරාගැනීම ශී‍්‍ර ලංකා ආණ්ඩුවේ මූලික පරමාර්ථයක් වේ.මෙම ඉලක්කයන් කරා ලඟා වීම සඳහා ශී‍්‍ර ලංකාව සැලකිය යුතු ප‍්‍රගතියක් ලබා තිබේ. මෙම යහපත් ප‍්‍රවණතාව මධ්‍යයේ වුවද, රටේ කලාපීය වශයෙන් ගත් කල සහඝ‍්‍ර සංවර්ධන ඉලක්ක දර්ශකයන්හි විශාල වෙනස්කම් දක්නට ලැබේ. ඒවා ජාතික වශයෙන් සාමාන්‍යයෙන් ඉහල මට්ටමක පවතින අගයන්ට පරස්පර වේ. එමෙන්ම, ආදායම, දුගීබව, හා ළමා පෝෂණය සම්බන්ධයෙන් විශේෂිත අරමුණු පවතින අතර, ජාතික අර්බුදයෙන් පීඩාවට පත් ප‍්‍රදේශ නිසා අතිරේක හා වෙනස් ආකාරයේ අභියෝගයන් එල්ල වී තිබේ. සහඝ‍්‍ර සංවර්ධන ඉලක්කයන්ට ලඟා වීම සඳහා ශී‍්‍ර ලංකාව ප‍්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ :
  • සහඝ‍්‍ර සංවර්ධන ඉලක්කයන් පිළිබඳව මහජන මතයක් ඇතිකිරීම හා ඔවුනගේ සහාය ලබා ගැනීම
  • ජාතික හා උප ජාතික මට්ටම් වල ප‍්‍රතිපත්ති සැලසුම් සමඟ සහඝ‍්‍ර සංවර්ධන ඉලක්කයන් බද්ධ කිරීම
  • දැරීමේ හැකියාව වැඩිදියුණු කිරීම
  • සහඝ‍්‍ර සංවර්ධන ඉලක්කයන්ට ලඟා වීමේ ප‍්‍රගතිය නිරීක්‍ෂණය කිරීම
සහඝ‍්‍ර සංවර්ධන ඉලක්කයන් කරා ලඟා වීම සඳහා වන ශී‍්‍ර ලංකා ජාතික ව්‍යාපාරයට මූලිකත්වය දෙනු ලබන්නේ මුදල් හා ක‍්‍රමසම්පාදන අමාත්‍යංශයයි. ඒ සඳහා එ.ජා. කාර්යාලය හා ක‍්‍රියාත්මක කිරීමේ සහාය ලබාදෙන එ.ජා. සංවර්ධන වැඩසටහන ද තම දායකත්වය සපයයි. පෞද්ගලික හා රාජ්‍ය අංශයන්හි සහකරුවන් එක්රොක් කොටගෙන අවශ්‍ය ජාතික හා ප‍්‍රාදේශිය මට්ටමේ ආර්ථික ප‍්‍රතිපත්තීන් හා ක‍්‍රියාකාරී සැලසුම් සම්පාදනය පිළිබඳ වගකීම දරන්නේ ආර්ථික සංවර්ධනය පිළිබඳ ජාතික සභාවයි.
 
MDG Sri Lanka
UNDP Sri Lanka
Department of Census and Statistics
 
       
 
 
FAO FAO HABITAT ILO ILO IOM UNAIDS UNDP UNESCO UNFPA UNHCR UNICEF UNICEF UNOCHA WB WB WHO
 
  © United Nations Country Team in Sri Lanka, All rights reserved | Copyright and Terms of Use | Information Disclosure Policy | Disclaimer