Search
Register for Email Alerts  
About Us Our Work The UN Family Resource Centre Press Centre Oppotunities Contact Us
Sinhala | Tamil
 
 
UN Programme In Sri Lanka
Development Cooperation
Peace
Human Rights
Humanitarian Asistance
Millennium Development
Goals (MDGs)
 
  Related Publications
 
  Complete HDR - 2007-2008
 
  MDG Sri Lanka - 2005
 
  අප කටයුතු
 
  UN Works for a Better World
සහඝ‍්‍ර සංවර්ධන ඉලක්කයන්      
 

2000 වසරේ සැප්තැම්බර් මාසයේ පැවැත්වූ එ.ජා. සහඝ‍්‍ර මහා සභාවේදී ලෝක නායකයින් එකඟත්වයට පැමිණියේ, දුගීබව, සාගින්න, ලෙඩරෝග, නූගත්බව, පරිසර විනාශය හා කාන්තා හිංසනය පිටුදැකීම සඳහා කිසියම් කාලවකවානුවක් තුල දී දෙනු ලබන ඉලක්කයන් කරා ලඟා විය යුතු බවයි. මෙම ලෝක න්‍යාය පත‍්‍රයේ හදවත බඳු සහඝ‍්‍ර සංවර්ධන ඉලක්කයන් එහි ප‍්‍රතිඵලය වේ.

සමස්තයක් වශයෙන් ගත් කල මුළු ලෝකයම පාහේ මෙම ඉලක්ක කරා ලඟා වෙමින් සිටියද, මෙතෙක් අත්කරගෙන තිබෙන ප‍්‍රගතිය අසමාන හා සෙමෙන් සිදු වූවක් බව පෙනී යයි. රටවල් වැඩි ප‍්‍රමාණයකට මෙම ඉලක්ක කරා ලඟා වීමට හැකි වනුයේ අවශ්‍ය උපදෙස්, විශේෂඥ දැනුම හා සම්පත් පිටස්තර ලෝකයාගෙන් ලැබෙන්නේ නම් පමණකි. සංවර්ධිත මෙන්ම දියුණු වෙමින් පවතින රටවලට මෙහිදී එල්ල වී තිබෙන අභියෝගය වන්නේ, මූල්‍ය ආධාර හා දේශපාලනික වශයෙන් උනන්දුව සහතික කොටගෙන ඉලක්කයන් සපුරා ගැනීමට ආණ්ඩු සහාය ලබා ගැනීමත්, සංවර්ධන ප‍්‍රමුඛතා හා ප‍්‍රතිපත්තීන් නිසි පරිදි සකසාගෙන, සිවිල් සමාජය හා පෞද්ගලික සහකරුවන්ගේ සහාය ලබා ගැනීමත් ය. සහඝ‍්‍ර සංවර්ධන ඉලක්කයන් සමස්ත එ.ජා. පද්ධතියටම එකාවන්ව ක‍්‍රියාත්මකව පොදු අරමුණක් කරා ලඟා වීමට අවශ්‍ය මූලික සැලැස්මක් ලෙසට කි‍්‍රයා කරයි. සෑම දියුණු වෙමින් පවතින රටකදීම එ.ජා. සංවිධානය සහාය ලබා දෙනුයේ, වෙනසක් ඇති කොට, එක් එක් රටවල් දැනුම හා සම්පත් සමඟ බද්ධ කොට, දත්තයන් සංසන්දනය හා නිරීක්‍ෂණය ජාතික මට්ටමින් වඩාත් පුළුල් ව්‍යායාමයන් සඳහා සම්බන්ධීකරණය කිරීම වෙනුවෙනි.

  Partner UN MDG Websites

UNDP – United Nations Development Programme
UNESCO - World Water Assessment Programme
UNFPA - United Nations Population Fund
UN-HABITAT - United Nations Human Settlements Programme
UNICEF - United Nations Children's Fund
UNIFEM - United Nations Development Fund for Women
OHCHR - Office of the United Nations High Commissioner for Human Rights
WHO - World Health Organization MDG Website
OECD - Organization for Economic Co-operation and Development
World Bank
 
Millennium Summit
United Nations Millennium Development Goals
UN Millennium Project
Millennium Campaign
MDGs for Kids
 
       
 
 
FAO FAO HABITAT ILO ILO IOM UNAIDS UNDP UNESCO UNFPA UNHCR UNICEF UNICEF UNOCHA WB WB WHO
 
  © United Nations Country Team in Sri Lanka, All rights reserved | Copyright and Terms of Use | Information Disclosure Policy | Disclaimer