2004 වසරේ දෙසැම්බර් මස 26 වැනිදා ආසියා කළාපයට බලපෑ සුනාමි තත්ත්වය නිසා ඇති වූ ආර්ථික හා සමාජයීය ව්‍යසනයෙන් ප‍්‍රකෘතිභාවයට පැමිණීමට ද එ.ජා. සංවිධානය මඟින් ශී‍්‍ර ලංකාවට ආධාර කරයි.
ශී‍්‍ර ලංකා ආණ්ඩුවේ ඉල්ලීම පරිදි වහාම ක‍්‍රියාත්මක වූ මෙරට ක‍්‍රියාත්මක එ.ජා. ආයතනයන් ඇ.ඩො. මිලියන 550 ක මුළු පිරිවැයක් දරා, හානියට පත් සියළුම දිස්ත‍්‍රික්කවල පුද්ගලයින් 800,000 කට පමණ ආහාර සහ ඖෂධ බෙදා දීමේ සිට ව්‍යසනයට ලක්වූවන්ගේ මානසික හා පාරිසරික තත්ත්වයන් යලි නඟා සිටුවීම දක්වා වූ පුළුල් පරාසයක පැතිර ගිය සේවාවක් ඉටු කෙලේය. හදිසි අවශ්‍යතා සපුරාලීමෙන් පසුව, එ.ජා. කාර්යාලය තම අවධානය යොමු කලේ ඔවුන් නැවත තම නිවෙස්වල පදිංචි කරවා, ජීවනෝපයයන් සහ යටිතල පහසුකම් යථා තත්ත්වයට පත් කරලීමට හා අනාගතයේ ඇතිවිය හැකි ව්‍යසනයන්ට රට සූදානම් කිරීමට උපකාරී වීමයි. |