Register for Email Alerts
About Us Our Work The UN Family Resource Centre Press Centre Oppotunities Contact Us
English | Tamil
 
 
UN Programme In Sri Lanka
Development Cooperation
Peace
Human Rights
Humanitarian Asistance
Millennium Development
Goals (MDGs)
 
  Related Publications
 
 
 
  Complete HDR - 2007-2008
 
  UNDAF Sri Lanka
 
  අප කටයුතු
 
  Supporting National Development Aspirations
සංවර්ධන සහයෝගීතාව     Download Sinhala Unicode   
 
 

මානව සංවර්ධනයේ ප‍්‍රධාන අංගයන් වන අධ්‍යාපනය හා සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රයන්හි සහඝ‍්‍ර සංවර්ධන ඉලක්කයන් සපුරා ගැනීම සඳහා ශී‍්‍ර ලංකාව දැනටමත් ප‍්‍රශංසාත්මක ප‍්‍රගතියක් අත් කොටගෙන සිටී. දිගු කලක පටන් පවත්නා අර්බුදයක් හා සුනාමි ව්‍යසනයේ ප‍්‍රතිවිපාක මධ්‍යයේ වුවද, සංවර්ධනය වෙමින් පවතින රටක් වශයෙන්, මධ්‍යම මට්ටමේ ආදායම් උපයන රටක තත්ත්වයට ලඟා වීම විශිෂ්ඨ ජයග‍්‍රහණයකි. නමුත්, ආදායම් බෙදී යාමේ හා අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා දිස්ති‍්‍රක්ක මට්ටමින් පවතින ඉඩකඩ සම්බන්ධයෙන් පවතින විෂමතාවන්, දරිද්‍රතාව හා මන්දපෝෂණය දුරැලීම මෙන්ම සාමය උදා කර ගැනීම වැනි අභියෝගයන් සපුරා ගැනීමේ ඉලක්කයන් තවමත් ඉතිරිව පවතී.

රටේ ප‍්‍රගමනය සඳහා එ.ජා. සංවිධානය නොයෙකුත් ආකාරයෙන් දායක වී තිබෙන අතර, ඉදිරියට ද එලෙසින්ම දායක වීම සිදු වේ. ජීවනෝපායයන්ට ආධාර සැලසීම, ළමුන්ගේ අධ්‍යාපනය හා සෞඛ්‍යය සහතික කිරීම, ග‍්‍රාමීය සංවර්ධනය, ව්‍යසනයට පත් ප‍්‍රජාවන් යලි නගා සිටුවීම, මානව හිමිකම් තත්ත්වය වැඩි දියුණු කිරීම හා සමාජයීය හා ආර්ථික ප‍්‍රතිසංස්කරණ සැලසුම්කරණය හා ක‍්‍රියාත්මක කිරීම සඳහා ආණ්ඩුවට සහාය වීම ඒ අතර ප‍්‍රමුඛ වේ.

නිරතුරුවම ජාතික හා ජාත්‍යන්තර වශයෙන් වෙනස්වීම් වලට භාජනය වෙමින් පවතින වාතාවරණයක් යටතේ, එවැනි සංකීර්ණ සැලසුම් සමූහයක් ක‍්‍රියාවට නංවා අපේක්‍ෂිත සංවර්ධන ඉලක්කයන් ලඟා කරගැනීම සඳහා ඒකාබද්ධ දැක්මක්, විමධ්‍යගත සැලසුම්කරණයක් හා ඒකාත්මික වූ ප‍්‍රවේශයක් අවශ්‍ය වේ. මේ සඳහා වන ප‍්‍රධාන සැලසුම එ.ජා. සංවර්ධන උපකාරක රාමුව නම් වූ ශී‍්‍ර ලංකා ආණ්ඩුව හා මෙරට පිහිටි එ.ජා. කාර්යාලය අතර එකඟත්වයට පැමිණි ලේඛණයක් ලෙසට කි‍්‍රයාවේ යෙදවේ.

 
UN Global
Reform at United Nations
UN Development Group
 
 
 Read More..
   
     
 

 

   
 
 
FAO FAO HABITAT ILO ILO IOM UNAIDS UNDP UNESCO UNFPA UNHCR UNICEF UNICEF UNOCHA WB WB WHO
 
  © United Nations Country Team in Sri Lanka, All rights reserved | Copyright and Terms of Use | Information Disclosure Policy | Disclaimer