ශී‍්‍ර ලංකාවේ ආණ්ඩුව හා ජනතාවගේ සහයෝගය ලබා ගනිමින් ඔවුනට වඩාත් හොඳ ජීවන තත්ත්වයක් උදා කරලීම සඳහා එ.ජා. සංවිධානය කටයුතු කරයි. මෙරට කි‍්‍රයාත්මක වන එ.ජා. විශේෂිත ආයතන, අරමුදල් හා වැඩසටහන් 15 ක් තනි වශයෙන් හා ඒකාබද්ධව කටයුතු කරමින්, දුගී, පීඩාවට වඩාත් අනාවරණය වූවන් හා තරුණ කොටස් සඳහා පිළිසරණ වීම හා යහපත් අවස්ථා උදා කර දීම සිදු කෙරේ. මෙම සෑම ආයතනයක්ම කිසියම් විෂයයක් සම්බන්ධයෙන් විශේෂඥතාව උසුලන අතර, ඒ සෑම ආයතනයකම සාමූහික අරමුණ වන්නේ සියළු දෙනාගේ අවශ්‍යතා ඉටු වනු දැකීමයි.
ආණ්ඩුව සමඟ පමණක් නොව, මානුෂීය කටයුතු සම්බන්ධයෙන් මෙරට කටයුතු කරන සියළුම සහකරුවන් සමඟ ද එ.ජා. සංවිධානය සමීපව කටයුතු කරයි. ඒ අතර, ලෝක බැංකුව වැනි ජාත්‍යන්තර මූල්‍ය ආයතනයන් ද, අනෙකුත් ද්විපාර්ශ්වීය ආධාර දෙන්නන් ද, කැපී පෙනෙන අයුරින් කටයුතු කරන ශී‍්‍ර ලාංකීය සිවිල් සමාජය ද, පෞද්ගලික අංශය ද, පුළුල්ව පැතිර තිබෙන රාජ්‍ය නොවන ප‍්‍රජාව ද වේ. |