Register for Email Alerts
About Us Our Work The UN Family Resource Centre Press Centre Oppotunities Contact Us
English | Tamil
 
 
Message From The Resident Coordinator
The UN Country Team Representatives In Sri Lanka
Coordination
Partners
   
  Related Publications
 
  Fast facts
 
  UNDAF Sri Lanka
 
  එ.ජා. සංයුතිය
 
  Working together as One
සම්බන්ධීකරණය - නේවාසික සම්බන්ධීකාරකගේ කාර්යාලය Download Sinhala Unicode   
 
නේවාසික සම්බන්ධීකාරක යනු කිසියම් රටක සිටින ජ්‍යෙෂ්ඨතම එ.ජා. නිලධාරියා වන අතර, ඔහු/ඇය එ.ජා. මහලේකම්වරයාගේ නියෝජිතයා ද වේ. මානුෂීය ආධාර ලබාදෙන ශී‍්‍ර ලංකාව වැනි රටකදී නේවාසික සම්බන්ධීකාරක, මානුෂීය සම්බන්ධීකාරක ලෙසට ද කටයුතු කරයි. එම පදවි නාමයේ අදහස පරිද්දෙන්ම නේවාසික/මානුෂීය සම්බන්ධීකාරකගේ මධ්‍යගත කාර්යභාරය වනුයේ එ.ජා. කි‍්‍රයාකාරිත්වය සම්බන්ධීකරණය කිරීමයි.

මෙය සිදුකරනු ලබන්නේ, එ.ජා. ආයතනයන්හි නියෝජිතයින් හා සාකච්ඡා කිරීම තුලින් හා ආණ්ඩුවේ පරමාර්ථ හා ප‍්‍රමුඛතා වලට අනුකූල වන පරිදිය. ශී‍්‍ර ලංකාවේ ක‍්‍රියාත්මක එ.ජා. කණ්ඩායම තුල වඩාත් හොඳ සම්බන්ධීකරණයක් සිදුවීම සඳහා ප‍්‍රධාන අංශයන් වෙනුවෙන් විවිධ තේමා කණ්ඩායම් හා කාර්ය සාධක බලකායන් පිහිටුවා තිබේ.
නේවාසික සම්බන්ධීකාරකගේ කාර්යාලයේ කාර්යභාරය වනුයේ,

ක‍්‍රියාකාරිත්වය සම්බන්ධීකරණය
ජාතික ක‍්‍රමෝපායයන් පිළිබඳ වාර්තා, පොදු ජාතික තක්සේරු කිරීම්, එ.ජා. සංවර්ධන උපකාරක රාමුව, ක්‍ෂේත‍්‍ර මට්ටමේ කමිටු, අන්තර්-ආයතන තේමා කණ්ඩායම් හා ඒකාබද්ධ වැඩසටහන් ආදියයි


කළමනාකරණ සම්බන්ධීකරණය
පොදු සේවා, කණ්ඩායම් ගොඩනැංවීම හා අන්තර්-ආයතන පුහුණුව, නේවාසික නොවන එ.ජා. ආයතනයන්හි නියෝජිතත්වය දැරීම හා ආරක්‍ෂාව ආදියයි

එ.ජා. පද්ධතියට දෙනු ලබන සහාය
එ.ජා. පද්ධතියේ පරමාර්ථ හා නියමිත කාර්යයන්ගේ ප‍්‍රගමනය සඳහා සහාය දීම
එ.ජා. නේවාසික සම්බන්ධීකාරක විසින් නිකුත් කරනු ලබන වාර්ෂික වාර්තාව මඟින් එ.ජා. කණ්ඩායම අදාල වසර තුල දී ඉටුකල වැඩකොටස පිළිබඳව පුළුල් විස්තරයක් අඩංගු වේ.


 
UN Global
 
     
 
 
FAO FAO HABITAT ILO ILO IOM UNAIDS UNDP UNESCO UNFPA UNHCR UNICEF UNICEF UNOCHA WB WB WHO
 
  © United Nations Country Team in Sri Lanka, All rights reserved | Copyright and Terms of Use | Information Disclosure Policy | Disclaimer